තවත් බොරතෙල් නෞකාවක් අද දිවයිනට...

තවත් බොරතෙල් නෞකාවක් අද දිවයිනට...

by Staff writer 26-04-2026 | 2:23 PM

COLOMBO (News 1st) - තවත් බොරතෙල් නෞකාවක්, අද (26) දිවයිනට ළඟා වන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 95,000 ක බොරතෙල් තොගයක් එම නෞකාවෙන් මෙරටට රැගෙන එන බවයි.

හෙට (27) ඩීසල් මෙට්‍රික් ටොන් 9500 ක නෞකාවක් ද, දිවයිනට ළඟාවේ.

මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ලබන 28 වැනිදා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් ද දිවයිනට ළඟා වන බවයි.

ඒ අනුව ජුනි අවසානය තෙක්, මෙරට අවශ්‍යතාවට සරිලන ඉන්ධන තොග පවතින බව, ඔහු සඳහන් කළේ ය.