වෙසක් සහ පොසොන් දන්සැල් ගැන පණිවිඩයක්...

වෙසක් සහ පොසොන් දන්සැල් ගැන පණිවිඩයක්...

by Staff writer 26-04-2026 | 2:09 PM

COLOMBO (News 1st) - වෙසක් සහ පොසොන් පොහොයන් නිමිත්තෙන් දන්සල් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ, දන්සල් පැවැත්වීමට සැලසුම් කර ඇති පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර, ලියාපදිංචි කළ යුතු බවයි.