යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල

by Staff writer 02-05-2026 | 12:14 PM

COLOMBO(News1st) - පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමිටර් 134 කණුව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ,  64 හැවිරිදි කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුළු කළ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් යතුර‍ෙපැදිකරුවන් සිව්දෙනා තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇති බවයි.