.webp)
-615805.jpg)
ඒ, පෞද්ගලික රෝහලක, හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බවට අද(09) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
දැරියක් අපයෝජනය කලැයි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ලවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරීය ඊයේ(08) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය නියෝග කළේ ය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේ, සැකකාර හිමිනමගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.
මේ අතර එම සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත්කරනු ලැබු දැරියගේ මව ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පල්ලේගම හේමරතන හිමි ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
