.webp)

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දැනට රෝගය වේගයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බවයි.
ඒ පිළිබඳබ මහජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයිද ඔහු සඳහන් කළේ ය.
පැතිර යන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන්වන විමර්ශන වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතව ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ එන්. ජී.එස්. පණ්ඩිතරත්න පවසයි.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කණ්ඩායමක් ඊයේ දෙනියාය ප්‍රදේශයට ගොස් විමර්ශන සිදුකළ බවයි.
රෝගීන්ගේ ජෛව සාම්පල් යොමුකර කරාපිටිය රෝහලේ සිදුකළ පර්යේෂණවලට අනුව එය මිනිස් සිරුරේ ආහාර මාර්ගය ආශ්‍රීතව බහුලව දක්නට ලැබෙන වෛරස් කාණ්ඩයක් බවට අනාවරණවී ඇතැයිද ඔහු සඳහන් කළේ ය.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ, ප්‍රධාන වශයෙන් අපිරිසිදු ජලය හෝ ආහාර මගින් වෛරසයට ශරීරයට ඇතුළු වන බවයි. .
පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන සඳුදා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේ ය.
ඊයේ සහ පෙරේදා එලෙස නිවාඩු දෙනු ලැබුවේ දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයේ සිසුන්ටයි.
