.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, සබරගමු, බස්නාහිර ,උතුරු ,උතුරු මැද සහ නැගෙනහිර පලාත්වලට වැසි ඇතිවිය හැකි බවයි.
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේනතුව සඳහන් කළේ , එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් එම අදහස් පළ කලේ නිවුස් ෆස්ට් හි චේතප්‍රභා මලවිපතිරණ සමග සංවාදයකට එක් වෙමින් ය.
මේ අතර බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර හා වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මේ අතර, රාජාංගනය, ලුණුගම්වෙහෙර, වෙහෙරගල, දැඳුරු ඔය, අලි කොටආර, තිස්ස වැව, වීරවිල, අඹේවෙල ජලාශය යන ප්‍රධන ජලාශ මේ වනවිට වාන් දමමින් පවතියි.
එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ පී.එස්.ඩී හේරත් පැවසුවේ තවත් මධ්‍යම පරිමාණයේ ජලාශ 4 ක්ද වාන් දමමින් පවතින බවයි.
