.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(11) මධ්‍යහන 12.00 සිට රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවත් වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහනේ හෝ, ගස් යට නොසිට ආරක්‍ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ භාවිතයෙන් වලකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
