.webp)

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පසුගිය අප්‍රේල් මස 9 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් අතරතුර එම බිළිඳා මියගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එහිදී අදාළ වෛද්‍යවරුන් විසින් අපරාධමය වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බවයි.
