අම්බලන්තොටදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරයි

අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරයි...

by Staff writer 12-05-2026 | 3:47 PM

COLOMBO(News1st) - අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක් තුලදී තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ 34 හැවිරිදි මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස ඝාතනය කර ඇති බවයි.

ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට පලි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ඥාතියෙකුද තියුණු ආයුධයකින් කළ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.