වසා දැමූ දෙණියායේ පාසල් අද යළි විවෘත කෙරේ..

වසා දැමූ දෙණියායේ පාසල් අද යළි විවෘත කෙරේ..

by Staff writer 13-05-2026 | 8:49 AM

COLOMBO(News1st) - 

පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් වසා දැමූ දෙණියායේ පාසල් හතර අද යළි විවෘත කරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට එලෙස වසා දැමුණේ, දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයයි.

මේ අතර පැතිර යන වෛරස් උණ රෝගය පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ක්‍රිසන්ත මහේන්ද්‍ර සඳහන් කළේ ය.

දෙණියාය ප්‍රදේශයෙන් දැනට  වාර්තාවී ඇති වෛරස් උණ රෝගය වැළඳුන රෝගීන් සංඛ්‍යාව 50 කි.