.webp)

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින්.
පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදා අධිකරණ ශාලාවට ඇතුළු වී අධිකරණයේ නඩුවක් සඳහා බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කළා.
ඒ කොළඹ අංක 5 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින්.
මෙම අපරාධය සඳහා විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අපරාධ සිදුකිරීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම හා බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරම් 10 ක් හා පතොරම් ගැබ් 2ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධයට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුවයි.
සැකකරු 69 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
