.webp)

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, මිය ගිය අය අතර අවුරුදු නවයක සහ අවුරුදු දෙක හමාරක කුඩා දරුවන් දෙදෙනෙකුද වන බවයි.
අද (27) දිනය වන විට වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන තිස් දෙදහස් හැත්තෑ එකක්.
මේ අතර පවතින වර්ෂාවත් සමග දින තුනක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන ජූනි 08,09,10 යන දිනයන්වල දී ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි.
කොළඹ, ගම්පහ, කලුතර ,ගාල්ල, මහනුවර, රත්නපුර , කෑගල්ල , මඩකලපුව යන දිස්ත්‍රික්කවල සහ කල්මුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වේ.
