දන්සැල් දෙන අයට දුන් අලුත්ම උපදෙස්....

දන්සැල් ලියාපදිංචිය අදින් අවසන්... මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්.

by Staff writer 29-05-2026 | 7:31 AM

COLOMBO(News1st) - වෙසක් දන්සැල් ලියාපදිංචියට දුන් කාලය අදින්(29) අවසන් වේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මාර්ගයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්සැල් ලියාපදිංචි කළ යුතු බවයි.

දන්සැල් සඳහා සෞක්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.

www.epid.gov.lk  වෙබ් අඩවිය පිවිසීමෙන් එම උපදෙස් පරීශීලනය කළ හැකියි