.webp)

ජාතික ගමනාගමන කොමිසම පැවසුවේ, අලුත් අවුරුදු කාලසටහන පරිදි වෙසක් උත්සවය සඳහා ද බස් රථ ධාවනය කරන බවයි.
ඒ අනුව කොළඹ කොටුව සිට සියලු පළාත් ආවරණය වන පරිදි එම බස් රථ යොදවා ඇති බව ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙසක් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා සංවිධාන කර තිබේ.
එහි සභාපති සජීව කනකරත්න සඳහන් කළේ, වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රවාහන සේවා සංවිධාන කර ඇති බවයි.
මේ අතර වෙසක් උත්සව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
