.webp)

COLOMBO (News 1st) - ලෝක පරිසර දිනයට සමගාවීම ශ්‍රී ලංකාවේ වනාන්තර 05 ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේද සහභාගීත්වයෙන් ය.
ලෝක පරිසර දින ජාතික සැමරුම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
එහිදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කල වනාන්තර අතරට රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය ඇතුළත් ය.
හෙක්ටයාර 2170 ක පමණ භූමි ප්‍රමාණයක් මෙම රක්ෂිතවලට අයත් ය.
කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු කෙරිණ.
වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීමද අද සිදු කළේ ලෝක පරිසර දිනයට සමගාමීවයි.
මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය මෙහි දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවේ ය.
පරිසර දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවැති ප්‍රදර්ශනයක් නැරඹීමටත් ජනාධිපතිවරයා එක්විය.
