.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්රදේශවෙල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර පැවතිය හැකි බවයි.
ඒ හේතුවෙන් එම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකියි.
ත්රිකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර පැවතිය හැක.
මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළවල උස මීටර් 2 ත් 2.5 ත් අතර මට්ටමකින් ඉහළ යා හැකියි.
