.webp)
-617784.jpg)
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 70 දක්වා වැඩිවන බවයි.
එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වන බවත් එම මුහුදු ප්‍රදේශද විටින් විට රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(09) පස්වරුවේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 -50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30 -40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
