ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 24-06-2026 | 7:49 PM

COLOMBO(News1st) - හෙට රාත්‍රීයේ සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති  වන බවයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, මොණරාල නගරය හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද(24) දහවල් කාලයේ අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, විනාඩි 20කට ආසන්න කාලයක් අයිස් වැස්ස පතිත වී ඇති බවයි.