සාම ගිවිසුමක් ගැන අවසන් තීරණයක් නැහැ ඉරානය කියයි.

ඇමරිකාව සමග සාම ගිවිසුමක් ගැන අවසන් තීරණයකට පැමිණ නැතැයි, ඉරාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

by Staff writer 14-06-2026 | 3:50 PM

COLOMBO(News1st) - ඇමරිකාව සමග සාම ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව, ඉරානය අවසන් තීරණයකට පැමිණ නැතැයි, ඉරාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අදාළ මුලාශය පෙන්වා දී ඇත්තේ, එම ගිවිසුමට සම්බන්ධ දේශපාලන, නෛතික සහ තාක්ෂණික අංශ සමාලෝචනය කිරීම තවමත් සිදුවෙමින් පවතින බවයි.

ඇමරිකා ඉරාන ගැටුම් ආරම්භ වී මේ වන විට මාස 4කට අධික කාලයක් ගතවී අවසන්.

එවැනි පසුබිමක ඇමරිකා ඉරාන ගැටුමට අවසානයක් ලබා දෙමින්, දෙරට අද(14) සාම ගිවිසුමකට අත්සන් තබන බව, සාම සාකච්ඡාවලට මැදිහත් වූ පාකිස්ථානය සඳහන් කළේ ය.