.webp)

එය මෙරට වේලාවෙන් අද රාත්රියේදී සිදුවනු ඇති.
සාම ගිවිසුම අත්සන් කිරිමත් සමඟ සියලු දෙනා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෲත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය
සාකච්ඡා සඳහා ප්‍රධාන මැදිහත්කරුවෙකු වූ පාකිස්ථානය ද ප්‍රකාශ කළේ ඉදිරි පැය 24 තුළ ගිවිසුම අත්සන් කර අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එම අත්සන් තැබීම විද්‍යුත් ක්‍රමවේදයක් හරහා සිදු කිරිමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ ළේ ය.
එම අත්සන් කිරීමෙන් අනතුරුව ඉරානයේ බලගන්වන ලද යුරේනියම් තොග තමා ලබා ගෙන සියල්ල විනාශ කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ය.
කෙසේ වෙතත් අවබෝධතා ගිවිසුම අත්සන් කරන නිශ්චිත දිනය ප්‍රකාශ කිරිමට හැකියාවක් නොමැති බව ට්‍රම්ප්ගේ එම අදහස් දැක්වීමට පෙර, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි ඊයේ ප්‍රකාශ ළේ ය
