.webp)

මෙම තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ද ක්‍රියාත්මක කිරීමට සිදු වීම විශේෂත්වයකි.
මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ''ඉන්දීය A කණ්ඩායම'' රැස් කළ ලකුණු සංඛ්‍යාව 265ක්.
සුරයන්ෂ් ෂෙජ් ලකුණු 72ක් රැස් කළ අතර විප්‍රජ් නිගම් ලකුණු 51ක් රැස් කළේ ය.
විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිළිතුරු ඉනිම වෙනුවෙන් නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 37ක් රැස් කළ අතර
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සදීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ ලකුණු සම වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායමද නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 265ක් රැස් කිරීම හේතුවෙනි.
අනතුරුව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තරග විනිසුරුවරුන් සමග සංචාදයක නිරත වෙමින් සිටි අයුරුද දක්නට ලැබු අතර ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ලබා දීමට විනිසුරුවරුන් කටයුතු කළේ ඉන් අනතුරුවයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 16කි.
ලකුණු 17ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 9ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම තරගය ජය ගත්හ.
ශ්‍රී ලංකා A කණ්ඩායම තරගය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග වචන හුවමාරුවක නිරත වී තිබුණි.
තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ සහභාගී වූ තරග 3න් තරග 2ක් ජය ගත් ශ්‍රී ලංකා A කණ්ඩායමයි.
