මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

අධිකරණ වරෙන්තු ලැබූ විදෙස්ගතව සැඟව සිටින හිටපු ඇමතිවරුන් ඇතුළු අපරාධකරුවන් කඩිනමින් දිවයිනට ගෙන එන බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

by Staff writer 19-06-2026 | 7:59 AM

COLOMBO (News 1st) - අධිකරණ වරෙන්තු ලැබූ විදෙස්ගතව සැඟව සිටින හිටපු  ඇමතිවරුන් ඇතුළු අපරාධ කරුවන් දිවයිනට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, ඔවුන් සඳහා රතු නිවේදන ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.