උ/පෙළ දින වකවානු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

අගෝස්තු පැවැත්වෙන උ/පෙළ දින වකවානු සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 21-06-2026 | 1:08 PM

COLOMBO (News1st) - ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේ දින වකවානු සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අගෝස්තු 10 වැනිදා සාමාන්‍ය පරිදි උසස් පෙළ විභාගය ආරම්භ වන බවයි.

ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය දින ගණන, 300 කි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට ලබන අගෝස්තු 7 වැනිදා දක්වා පාසල් පැවැත්වෙන දින ගණන, 343 ක් බව, අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ය.

මෙවර උසස් පෙළ විභාගයට, දෙවැනි සහ තුන්වැනි වර පෙනී සිටින සිසුන් සදහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දින සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය, මාස 4 යි දින 10 කි.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් විභාගය පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ය.