රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට.

ප්‍රදේශ දෙකක රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට.

by Staff writer 21-06-2026 | 4:38 PM

COLOMBO(News1st) - හුංගම වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඒ, යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලී යාමෙන්.

පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුලත් කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

ඔහු 53 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර මීරිගම ප්‍රදේශයේ සිදුවූ තවත් රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

අනතුර සිදුවී ඇත්තේ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙන්.

අනතුරින් මියගියේ, 72 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.