කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්.

කොළඹ ප්‍රදේශ රැසකට අද(04) පැය 12ක ජල කප්පාදුවක්. - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

by Staff writer 04-07-2026 | 8:09 AM

COLOMBO(News1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද(04) පෙරවරු 9 සිට රාත්‍රි 9 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා වු ප්‍රදේශ,  බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කොට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙළ, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙළ, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අදාළ කාලසීමාව තුල දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත හා සොයිසාපුර යන ප්‍රදේශවලද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීම එලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.