අරලගංවිලදී සැමියෙකුගේ පහරදීමකින් බිරිඳ මරුට.

සැමියෙකු කළ පහරදීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට -පොලීසිය

by Staff writer 04-07-2026 | 9:28 AM

COLOMBO(News1st) - අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේදී සැමියෙකු කළ පහරදීමකින් ඔහුගේ බිරිඳ මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක්

පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී ඇතැයි පොලීසිය සැක පළ කරයි.

ඝාතනය සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.