ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ හතර වැනි දිනය අදයි.

by Staff writer 09-07-2026 | 7:15 AM

COLOMBO(News1st) -  ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ හතර වැනි දිනය අදයි.

වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, News1st ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

අද දිනයෙත් එම දිස්ත්‍රික්ක තුනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දනය පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ඒ යටතේ පැවැත්වෙනු ඇති.