අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චුට්ටේ රිමාන්ඩ්.

by Staff writer 12-07-2026 | 6:29 PM

COLOMBO(News1st) - ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමඟි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිත චතුරංග නොහොත් බටපොළ නින්දානේ චුට්ටේ, හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද(12) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති රිපීටර් වර්ගයේ ගිනි අවියක්ද සොයා ගැනුණි.

වැටලීම සිදු කර ඇත්තේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.