.webp)
-620245-620263.jpg)
එහි සභාපති කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ, එය මෙරට ලියාපදිංචිය සඳහා අයැදුම්පතක් ලැබී ඇති බවයි.
කිව්ඩෙංගා ඩෙංගු එන්නතට ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා ඊයේ(20) අනුමැතිය ලබා දුන්හ.
එය, ඉන්දියාව අනුමත කළ පළමු ඩෙංගු එන්නතයි.
එම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ ටකිඩා බයෝෆාමසූටිකල්ස් ඉන්දියා සමාගම විසිනි.
එම එන්නත සම යටට ලබා දෙන අතර, මිලිලීටර් 0.5 බැගින් වූ මාත්‍රා දෙකක් නියමිත පිළිවෙලකින් ලබාදිය යුතුයි.
දෙවැනි මාත්‍රාව පළමු මාත්‍රාවෙන් මාස තුනකට පසුව ලබා දිය යුතු බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
කිව්ඩෙංගා ඩෙංගු එන්නත භාවිතය සඳහා නිර්දේශ කර ඇත්තේ, අවුරුදු 4 - 60 දක්වා වයස් කාණ්ඩ වල පසුවන්නන් සඳහායි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිතව 2022 වසරේදී කිව්ඩෙන්ගා එන්නත නිෂ්පාදනය ආරම්භ කළේ ය.
ඊට අනුමැතිය දී ඇති රටවල් සංඛ්‍යාව, 43කි.
ඒ අනූව මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 32කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා බෙදාහැර ඇතැයි නිෂ්පාදකයින් සඳහන් කළේ ය.
මේ අතර මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 58 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාතාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංන්නංගර සඳහන් කළේ, ඊයේ(20) ඩෙංගු රෝගීන් 721ක් වාර්තා වූ බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044 ක්.
තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලිනි.
