ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි.

by Staff writer 21-07-2026 | 8:49 AM

COLOMBO(News1st) - කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(21) සංචාරය කරන්නේ කහතුඩුව ප්‍රදේශයටයි

ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද දොම්පේ සහ දෙකටන ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිතව තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද සංචාරය කරන්නේ, වාද්දුව සහ පානදුර, පිංවත්ත ප්‍රදේශවලයි.

නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව, එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.