.webp)
 (1)-621308.jpg)
ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, ඒ පිලිබඳ ගිවිසුම අවසන් අදියරේ ඇති බවයි.
කෙසේ නමුත් ඇමරිකාව දියත් කර ඇති ඉරාන වරායන් අවහිර කිරීමේ මෙහෙයුම අවසන් වනතුරු කලාපයේ නාවික ආරක්ෂාව සහතික කළ නොහැකි බවත් ඔහු පවසයි.
ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාදි සඳහන් කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමේ සහ පිට වීමේ මාර්ග ඇතුළු සියලු කරුණු පිළිබඳව ඉරානය සහ ඕමානය අතර අවබෝධයක් ඇතිකරගත් බවයි.
කෙසේ නමුත් ඕමානය මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැහැ!
මෙවැනි පසුබිමක ඉරානය හෝමූස් කඩිනමින් යළි විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූවේය.
ඊයේ නෙවාඩා හිදී ඔහු සඳහන් කළේ, ඉරානයේ සිදු කළ දැඩි ඉල්ලීම් මත පමණක් තමන් යළි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බවයි.
තමන් ඊට පෙර සූදානම්ව සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කිරීමට බවද ට්‍රම්ප් සඳහා කළේය.
