ඛණිජතෙල්සංස්ථාවේ පිරවුම්හල් නවීකරණයට ටෙන්ඩර්කැඳවයි

ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් නවීකරණයට ටෙන්ඩර් කැඳවයි

by Staff writer 23-08-2026 | 12:27 PM

COLOMBO(News1st) - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලු ඉන්ධන පිරවුම්හල් නවීකරණය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබේ.

ඒ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය.

ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ යටතේ පිරුම්හල් 234 ක් නවීකරණය කෙරෙන බවයි.

ඊට අදාළ ටෙන්ඩර් පටිපාටිය කොටස් වශයෙන් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.