.webp)

එම වාර්තාවේ දැක්වෙන්නේ, කථානායකවරයා පමණක් 2023 දී ඉන්ධන ලීටර් 3,994 ක් සහ 2024 දී ඉන්ධන ලීටර් 6,122 ක් භාවිත කර ඇති බවයි.
එය 2022 වසර හා සැසදීමේදී 66 % ක සහ 155 %ක වැඩිවීමකි.
නියෝජ්‍ය කථානායක ධුරය සදහා කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් හා සමානව, සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි එම විගණන වාර්තාවේ දැක්වෙයි.
නියෝජ්‍ය කාරක සභාපති ධුරය, නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් ලෙස හදුනාගෙන එම තනතුර සඳහා ද සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන්.
ඒ අනූව 2023 සහ 2024 කාලය තුළ නියෝජ්‍ය කථානායකවරයාගේ පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් අසු පන් ලක්ෂ 45,037 ක් වටිනාකමින් යුත්, ඉන්ධන ලීටර් 21,299 ක් නිකුත් කර තිබේ.
ඊට අමතරව නියෝජ්‍ය කථානායකවරයා භාවිත කළ නිල වාහන තුන සදහා ද, ඉන්ධන භාවිත කර ඇත්තේ, ධාරිතාව ඉක්මවා යමින් .
මේ අතර ඒකාබද්ධ අරමුදලට වගකීමක් වන සහ පාර්ලිමේන්තුව නිශ්චය කළ යුතු පාර්ලිමේන්තු මහ ලේකම්ගේ වැටුප සඳහා 2004 වසරෙන් පසු, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නැහැ.
පාර්ලිමේන්තු මහලේකම්ගේ අනෙකුත් දීමනා සහ වේතනයන් ලබා දීමේදී 2004 නොවැම්බර් 30 දිනැති හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි මහ ලේකම්වරයාගේ දීමනා ආයතන සංග්‍රහයට අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි ප්‍රමාණයන්ගෙන් ලබා දිය යුතු බව දක්වා තිබුණ ද, එය එසේ සිදුකර නොමැති බව ද, අදාළ වාර්තාවේ දැක්වෙයි.
ඒ අනූව මහ ලේකම්වරයාට සීමා රහිතව ඉන්ධන නිකුත් කර තිබේ.
නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් හා අනෙකුත් දෙපාර්තමේන්තු ප්රධානීත් සඳහා රාජකාරි ගමන් සඳහා සීමා රහිතව ඉන්ධන භාවිතයට පෞද්ගලික ගමන් සඳහා කිලෝමීටර් 1,200 ක් හා කිලෝමීටර 960 ක් දක්වා ඉන්ධන සැපයීමටත් කටයුතු කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.
