COLOMBO(News1st) - කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 45 ත් 50 ත් දක්වා ඉහළ යා හැකියි.
ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.