අතුරුදන්ව සිටි වෛද්‍යවරයාගේ මළ සිරුර සොයා ගැනේ...

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර කැලෑවක තිබී සොයාගැනේ...

by Staff writer 24-08-2026 | 10:53 AM

COLOMBO (News 1st) - අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහුගේ මෝටර් රථය නවතා තිබූ ස්ථානයට යාබද කැලයක තිබී මළ සිරුර සොයා ගත් බවයි.

ඊයේ (24) උදෑසන සිට අදාළ වෛද්‍යවරයා අතුරුදන්ව සිටියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක්.