.webp)

පොලීසිය පැවසුවේ මිද්දෙණිය උඩහකඩේ පදිංචි 21 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදි පසුගිය 19 වැනිදා මිද්දෙණිය පොලිසියේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එදින සැකකරුව වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (23) දිනය දක්වා රඳවා තබා ප්‍රශ්ණ කිරිමට අවසර ලබාදී ඇති බවයි.
ඒ අනුව සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා නිවසට ගමන් කරන මාර්ගය පෙන්වා ඇති බවට අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරුව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.
පසුගිය 12 වැනිදා පස්වරු සවස 6 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා පලාගොස් තිබිණි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය මියගොස් තිබුණේ, රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.
බැකෝ සමන් නැමැත්තා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී.
