.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර, උතුරුමැද පළාත් හා යාපනය, කිළිනොච්චි, වව්නියාව, මුලතිවු හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ඒ අතරට ඇතුළත් බවයි.
වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් ජලය පානය කිරීම හා අවශ්‍ය පරිදි විවේක ගැනීම සිදුකළ යුතු වේ.
එමෙන්ම පිටතට යාමේදී සුදු හා ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (24) පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වේ.
