කෙහෙල්බද්දර පද්මේ ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ්...

කෙහෙල්බද්දර පද්මේ ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ්...

by Staff writer 25-08-2026 | 6:00 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද(25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා අත්අඩංගුවට පත් වූයේ ඉන්දුනිසීයාවේ රැඳී සිටියදීයි.

ඒ, ශ්‍රී ලංකා පොලීසිය සහ ඉන්දුනීසියා පොලීසිය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකිනි.

සැකකරු 2025 වසරේ අගෝස්තු 31 වැනිදා මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කිරීම් සිදුකෙරුණේ ය.