.webp)

එම මණ්ඩලය පැවසුවේ, කැලණි ගගෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වයක් හේතුවෙන් එම පියවර ගත් බවයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත ජල සම්පාදන මණ්ඩලය එම පියවර ගත් බව සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදුකරමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ ය.
