.webp)
-622811.jpg)
පොලීසිය පැවසුවේ, බෙල්ලන්විල වැවේ ඊයේ(28) පස්වරුවේ, නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බවයි.
ඒ අනුව ඊයේ(28) අදාළ පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් ඔහු සොයාගැනීමට හැකිවී නැහැ.
අද(29) දහවල් බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇල මාර්ගයක අදාළ පුද්ගලයාගේ සිරුර පාවෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.
මියගිය පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කිහිපයක කිඹුල් ප්‍රහාරයක සලකුණු ඇතිබව ද සඳහන් වේ.
මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
