.webp)
-622927.jpg)
මේ වන විට ඊට අදාළව ඉදිරිපත් වී ඇති පෙත්සම් ගණන 30ක්.
පක්ෂව පෙත්සම් 03ක් හා විපක්ෂව පෙත්සම් 27 ක් ලැබී තිබේ.
මීට සති 02කට පෙර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව, එම සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කර ඇත්ද යන්න සහ එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව එලෙස පෙත්සමක් හෝ පෙත්සම් මගින් මෙම සංශෝධනවල ව්‍යවස්ථානුකූල භාවය ශේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළහොත් ඒවා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක කාලයක් හිමිවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ විමසා බැලීමෙන් පසුව ව්‍යවස්ථා සංශෝදනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
