ප්‍රදේශ රැසකට අද වැසි...

ප්‍රදේශ රැසකට අද වැසි...

by Chathurika Jayasundara 01-09-2026 | 9:31 AM

COLOMBO(news1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රක්කවල අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඌව පළාතේත් අම්පාර , මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද(01) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙස ප්‍රදේශවල ප්‍රධන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු - උතුරුමැද සහ වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 -40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.