අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ගැන විගණනයක්

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සම්බන්ධයෙන් විගණනයක්.. -විගණකාධිපති දෙපාර්තමේන්තුව

by Staff writer 02-09-2026 | 11:15 AM

COLOMBO(news1st) - අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කළ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී අම්බුළුවාව සඳහා ඉඩම්  ලබාදීම, එහි පරිපාලනය පවත්වාගෙන යාම හා මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විගණනයට නියමිතව තිබේ.

අම්ඹුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට ඉඩම් ලබාදීම හා ඒවා පරිහරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ ගැටලු මතුවිය.

පසුගිය දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී එම ජෛව විවිධත්ව සංකීර්ණය ආශ්‍රිත කලාපයේ සිදුවූ නායයෑම් සම්බන්ධයෙන්ද ජනතාව චෝදනා කළේ එහි විවිධ ඉදිකිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙතටයි.