නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට...

නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට...

by Staff writer 04-09-2026 | 7:17 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ අද උදෑසන 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳසහිත ගුවන් යානා ඇණියක් ස්ථාපනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අල්ලස් ගැනීමේ සිද්ධියක විමර්ශනවලට අදාළවයි.