කොළඹ වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් ඉවත් වෙන දිනය?

කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයේ ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරීම මේ මාසයේ සිට..

by Staff writer 05-09-2026 | 9:42 PM

COLOMBO(News1st) - කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයේ ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරීම මේ මාසයේ ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

ඔහු සඳහන් කළේ, ගාලු මුවදොර සිට බොල්ගොඩ ගඟ දක්වා කලාප 5කට බෙදා එම ඉදිකිරීම් ඉවත් කරන බවයි.

ඒ සඳහා නීතිපති උපදෙස් ද ලබා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා කියා සිටියේ, වෙරළ කලාපය අනවසර ඉදි කිරිම් සියල්ල ඉවත් කර එය සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇති බවයි.