නාමල් අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් කියලා කියන්න බෑ!

නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් කියලා නිශ්චිතව කියන්න බෑ! - නාමල් බලන්න බන්ධනාගාරයට ගියපු මහින්ද කියයි

by Staff writer 05-09-2026 | 9:35 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පලීගැනීමක් දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට අද පස්වරුවේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.

නාමල් රාජපක්ෂට ඇප ලබා ගැනීමටද කටයුතු කරන බව මෙහිදි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය