ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීම...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට...

by Staff writer 09-09-2026 | 9:42 AM

COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

ඊට අදාළ ඡන්ද විමසීම, අද පස්වරු 5ට පැවැත්වෙනු ඇති.

එම තනතුර ස්ථාපිත කළේ, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන්.

ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර තිබේ.