IMF නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් හෙට දිවයිනට

by Staff writer 09-09-2026 | 9:30 PM

COLOMBO(News1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඒකාබද්ධ සත්වන සමාලෝචනය වෙනුවෙන් ය.

2026 වසරේ වගකීම් සමාලෝචන සාකච්ඡා සඳහා පැමිණෙන  IMF නියෝජිත පිරිස  සැප්තැම්බර් 10 සිට 23 දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති.