Apple Foldable iphone ඇතුළු නවතම උපාංගරැසක් එළිදකි

Apple සමාගම ඊයේ පැවති “Surprise and Shine” විශේෂ උත්සවයේදී නවතම උපාංග රැසක් නිල වශයෙන් එළිදක්වයි

by Janitha Mendis 10-09-2026 | 12:25 PM

COLOMBO(News1st) - Apple සමාගම ඊයේ පැවති “Surprise and Shine” විශේෂ උත්සවයේදී නවතම උපාංග රැසක් නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

මෙවර උත්සවයේ ප්‍රධාන අවධානය යොමුවූයේ Apple සමාගමේ පළමු Foldable iPhone ඇතුළු නව පරම්පරාවේ iPhone, Apple Watch සහ AirPods මාදිලි වෙතයි.

iPhone Duo – Apple හි පළමු Foldable iPhone
Apple ඉතිහාසයේ පළමු වරට Foldable iPhone උපාංගයක් හඳුන්වා දී තිබෙනවා. iPhone Duo ලෙස නම් කර ඇති මෙම උපාංගය විවෘත කළ විට අඟල් 7.6ක අභ්‍යන්තර Display එකකින් සහ අඟල් 5.4ක බාහිර Display එකකින් සමන්විතයි. එය A20 Pro Chip එකෙන් බලගැන්වෙන අතර Apple Pencil සඳහාද සහාය දක්වනවා.

iPhone 18 Pro සහ iPhone 18 Pro Max

නව iPhone 18 Pro සහ iPhone 18 Pro Max මාදිලිද මෙහිදී එළිදක්වා තිබෙනවා. නව A20 Pro Chip එක සමඟ වැඩිදියුණු කළ Camera පද්ධතියක් සහ Variable Aperture තාක්ෂණය ඇතුළු නව විශේෂාංග රැසක් මෙම මාදිලිවලට එක්කර තිබෙනවා. Pro Max මාදිලියට පැය 45ක් දක්වා Video Playback ලබාදෙන වැඩිදියුණු කළ Battery හැකියාවක්ද ඇති බව සඳහන්.

Apple Watch Series 12

නව Apple Watch Series 12 මාදිලියද Apple විසින් හඳුන්වා දී තිබෙනවා. වැඩිදියුණු කළ Health Sensors, නව Health Monitoring පහසුකම් සහ S11 Chip එක සමඟ වැඩිදියුණු කළ Performance මෙහි ප්‍රධාන විශේෂාංග අතරට එක්වනවා. Series 12 සඳහා Premium Ceramic Case විකල්පයක්ද නැවත හඳුන්වා දී තිබෙනවා.

Apple Watch Ultra 4

වෘත්තීය සහ ක්‍රීඩා භාවිතය සඳහා නිර්මාණය කර ඇති Apple Watch Ultra 4 ද මෙවර එළිදක්වා තිබෙනවා. නව Health Monitoring පහසුකම් සහ වැඩිදියුණු කළ Battery Performance සමඟින් පැය 45ක් දක්වා Extended Workout Tracking ලබාදීම මෙහි විශේෂත්වයක්.

AirPods 5

නව AirPods 5 මාදිලියද මෙවර උත්සවයේදී එළිදක්වා තිබෙනවා. පෙර පරම්පරාවට සාපේක්ෂව Active Noise Cancellation තාක්ෂණය 1.5 ගුණයකින් වැඩිදියුණු කර ඇති අතර, නව Acoustic Architecture එකක් හරහා වැඩිදියුණු කළ ශබ්ද ගුණාත්මකභාවයක් ලබාදීමට Apple කටයුතු කර තිබෙනවා.

*ඒ අනුව, iPhone Duo, iPhone 18 Pro, iPhone 18 Pro Max, Apple Watch Series 12, Apple Watch Ultra 4 සහ AirPods 5 මෙවර Apple “Surprise and Shine” උත්සවයේ ප්‍රධානම හඳුන්වාදීම් ලෙස සැලකිය හැකියි.