.webp)

ඒ අනුව හෙට (22) දිනයේ එම තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කරනු ඇත.
ලබන 24 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා කාලය වෙන් කර තිබේ.
25 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.
මේ අතර, මේ සතියේ පාර්ලිමේන්තු සැසි වාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක්, අද (21) පෙරවරු 9 ට පැවැත්වේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති.
